ඇයි ලංවා BOX BARS තෝරාගත යුත්තේ?
මේ සියල්ල නිපදවෙන්නේ පෙර ගැල්වනයිසින් කළ තහඩුවලිනි රෝල් වශයෙන් ඇනවුම් කෙරෙණ මෙ තහඩු ලංකාවේ නිෂ්පාදනය නොවන නිසා පිටරටින් ආනයනය කළ යුතු වේ. පෙර ගැල්වනයිසින් කළ තහඩුවෙන් නිර්මිත බොක්ස් බාර් හො වේවා රවුන්ඩ් ටියුබ හෝ වේවා මේ සියල්ල පොදුවේ ටියුබ විශේශ වේ. ඒවා කිසිවිටකත් GI පයිප්ප ලෙස නොගත යුතුයි. බොක්ස් බාර් හා රවුන්ඩ් ටියුබ වඩාත් සුදුසු වන්නේ අව්වට වැස්සට නිරාවරණ නොවන පරිසරයන් හි හෝ තාවකාලික පදනමින් ඉදිවන්නකට පමණී වහල හා සිවිලිම් සැකිලි සඳහාත් ගෘහස්ත අලංකර්ණ ආයිත්තම් සඳහා ද බහුලව යෙදවෙන්නේ පෙර ගැල්වනයිසින් කළ තහඩුවෙන් නිර්මිත බොක්ස් බාර් හා රවුන්ඩ් ටියුබ වෙ. අධික ලෙස මළඛාදනයට ලක්විය හැකි පරිසරයන්හි දැමිය යුතු වන්නේ GI පයිප්ප.